දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා
විසින් රටේ පවතින බලශක්ති අර්බුදය
හේතුවෙන් ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට
පත් කර ඇති අතර එය අප්‍රිකාවේ වඩාත්ම
සංවර්ධිත ආර්ථිකය හිමි රට වන දකුණු
අප්‍රිකාවේ යහපැවැත්මට තර්ජනයක්
ලෙස ඔහු හඳුන්වයි.
බ්‍රහස්පතින්දා ජාතිය ඇමතීමේදී 2023 වසර
සඳහා රජයේ ප්‍රධාන අරමුණු සකස් කරමින්
රමෆෝසා පැවසුවේ විදුලි අර්බුදය “දකුණු අප්‍රිකාවේ
ආර්ථිකයට සහ සමාජ ට පැවැත්මට
තර්ජනයක්” බවත් “එරට වඩාත්ම ක්ෂනික
ප්‍රමුඛතාවය බලශක්ති සුරක්ෂිතභාවය යථා
තත්ත්වයට පත් කිරීම බවත් ය. .”
දකුණු අප්‍රිකාව වසර ගණනාවක්
විදුලිය විසන්ධි කිරීමට ලක්ව ඇති නමුත්,
2022 වසර පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවිය,
පැරණි අබලන් ගල් අඟුරු
බලාගාර බිඳ වැටීම සහ විදුලි ජනක යන්ත්‍ර
සඳහා ඩීසල් මිලදී ගැනීමට හදිසි මුදල් සොයා ගැනීමට
රජය සතු විදුලිබල උපයෝගිතා කොමිසම
මහත් පරිශ්‍රමයක් දැරීය. .
දකුණු අප්‍රිකාවේ විදුලිය විසන්ධි කිරීම
දිනකට පැය 12ක් තරම් දිගු කාලයක් පවතී.
පසුගිය මාසයේ, දකුණු අප්‍රිකානු අවමංගල්‍ය
වෘත්තිකයන්ගේ සංගමය නිරන්තර විදුලිය
විසන්ධි වීම නිසා මළ සිරුරු නරක් වන
බවට අනතුරු ඇඟවීමෙන් පසු දින හතරක්
ඇතුළත මළවුන් භූමදාන කරන ලෙස
ජනතාවට උපදෙස් දෙන ලදී.
Comments
Post a Comment