Skip to main content

යුක්රේන ප්‍රහාර සඳහා එක්සත් ජනපදය තාක්ෂණික මෙහයවීම් ලබාදෙන බවට චෝදනා



 වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව,

 යුක්‍රේන හමුදාව එක්සත් ජනපදයේ නිෂ්පාදිත කාලතුවක්කු

 පද්ධති වලින් සිදුකරන  සෑම රොකට් ප්‍රහාරයකටම පාහේ 

පෙන්ටගනයෙන් නිශ්චිත ඛණ්ඩාංක ඉල්ලා සිටින අතර,

 ඒම ඉලක්ක  ලබාගැනීමෙන් පසු  එම ප්‍රහාර එල්ල කරන 

බව වාර්තා වෙයි.


යුක්රේන නිලධාරීන් තිදෙනෙකු සහ එක් ජ්‍යෙෂ්ඨ එක්සත් 

ජනපද  යුධ හමුදා නිලධාරියෙකු ඇමරිකාවේ මැදිහත්වීම

 පිලිබඳව නිර්නාමිකව වොෂින්ටන් පෝස්ට්  පුවත්පතට 

ප්‍රකාශයක් සිදුකර ඇත. එක් යුක්‍රේන නිලධාරියකු සඳහන් 

කර ඇත්තේ , එම සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම ඇමෙරිකානු

 සෘජු මැදිහත් වීමක්  ඇති බවත්, යුක්රේන හමුදා 

වෙත දිගු දුර රොකට් ලබාදීමට අදහසක්  ඇති බවත් ය.


ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද  යුධ හමුදා නිලධාරියා පවසා සිටියේ 

 යුක්රේන හමුදා විසින් ඉලක්ක තෝරා ගත් බවත්, GPS 

කංඩාංඛ මෙහෙයවීම් සහිත යුධෝපකරණවලින් උපරිම ප්‍රයෝජන 

ගැනීම සඳහා ඇමරිකානු පාර්ශවය හුදෙක් 

බුද්ධි තොරතුරු ලබා දුන් බවත් ය. නමුත් යුක්රේන නිලධාරීන්  

පැවසුවේ එක්සත් ජනපදය ඉල්ලා සිටින පරිදි 

ඛණ්ඩාංක සැපයීමට අපොහොසත් වූ විට, යුක්රේන හමුදා 

ප්‍රහාර එල්ල නොකරන බවයි.


රුසියාවට එරෙහිව යුක්රේන හමුදාවට එක්සත් ජනපදය M142 

ඉහල සංචලතාවක් සහිත රොකට් කාලතුවක්කු 

පද්ධති ( High Mobility Artillery Rocket System (HIMARS) ) 

සපයා ඇති අතර එක්සත් රාජධානිය M270 

බහු දියත්කිරීම් රොකට් පද්ධති 

Multiple-Launch Rocket System (MLRS) ලබා දී ඇත.


 

මෙම පද්ධති දෙකටම විවිධ වර්ගයේ රොකට් ප්‍රහාර එල්ල කල 

හැකි නමුත් එක්සත් ජනපදය දිගු දුර යුධ 

උපායික මිසයිල පද්ධති Army Tactical Missile System (ATACMS) 

ලෙස හැඳින්වෙන  උපායශීලී බැලස්ටික් 

මිසයිල සැපයීම ප්‍රතික්ෂේප කර ඇත. වොෂින්ටනය වාර්තා කරන පරිදි 

යුක්රේනය  රුසියාවේ ඉලක්ක වෙත

 බැලස්ටික් මිසයිව ප්‍රහාර එල්ල කරනු ඇතැයි යන සැකය 

ඇමෙරිකාවට  ඇති අතර යුක්රේනය එම සීමාව ඉවත්

 කිරීම සඳහා උත්සාහ  කරමින් සිටී.


එසේ සිදු වුවහොත් රුසියානුවන් එක්සත් ජනපදයට එරෙහිව 

සයිබර් ප්‍රහාරයක් දියත් කරන බවට ප්‍රකාශකර ඇත.


Comments

Popular posts from this blog

දකුණු අප්‍රිකාවේත් පැය 12ක විදුලි කප්පාදුවක්

  දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා විසින් රටේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය අප්‍රිකාවේ වඩාත්ම සංවර්ධිත ආර්ථිකය හිමි රට වන දකුණු අප්‍රිකාවේ යහපැවැත්මට තර්ජනයක්   ලෙස ඔහු හඳුන්වයි. බ්‍රහස්පතින්දා ජාතිය ඇමතීමේදී 2023 වසර සඳහා රජයේ ප්‍රධාන අරමුණු සකස් කරමින් රමෆෝසා පැවසුවේ විදුලි අර්බුදය “දකුණු අප්‍රිකාවේ ආර්ථිකයට සහ සමාජ ට පැවැත්මට තර්ජනයක්” බවත් “එරට වඩාත්ම ක්ෂනික ප්‍රමුඛතාවය බලශක්ති සුරක්ෂිතභාවය යථා තත්ත්වයට පත් කිරීම බවත් ය. .” දකුණු අප්‍රිකාව වසර ගණනාවක් විදුලිය විසන්ධි කිරීමට ලක්ව ඇති නමුත්, 2022 වසර පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවිය, පැරණි අබලන් ගල් අඟුරු බලාගාර බිඳ වැටීම සහ  විදුලි ජනක යන්ත්‍ර සඳහා ඩීසල් මිලදී ගැනීමට හදිසි මුදල් සොයා ගැනීමට රජය සතු විදුලිබල උපයෝගිතා කොමිසම මහත් පරිශ්‍රමයක් දැරීය. . දකුණු අප්‍රිකාවේ විදුලිය විසන්ධි කිරීම දිනකට පැය 12ක් තරම් දිගු කාලයක් පවතී. පසුගිය මාසයේ, දකුණු අප්‍රිකානු අවමංගල්‍ය වෘත්තිකයන්ගේ සංගමය නිරන්තර විදුලිය විසන්ධි වීම නිසා මළ සිරුරු නරක් වන බවට අනතුරු ඇඟවීමෙන් පසු දින හතරක් ඇතුළත මළවුන

එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා වලින් ප්‍රහාරයක්

එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා ඇලස්කාවට ඉහළින් පියාසරකල හඳුනා නොගත් වස්තුවක් පහරදී බිම හෙළා තිබේ. පෙන්ටගනය පවසන්නේ එය හඳුනාගැනීමෙන් පසුව ප්‍රහාර එල්ල කිරීමට  ජනාධිපති ජෝ බයිඩන් නියෝගය ලබා දුන් බවයි. එම වස්තුව කුමක්ද යන්න අපැහැදිලි නමුත් නිලධාරීන් පවසන්නේ එය කුඩා මෝටර් රථයක් පමණ විශාල වූ බවයි. පසුගිය සතියේ එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් වූ චීන බැලූනයක් පහරදී බිම හෙළා දැමුණු අතර චීන රජය පැවසූවේ  එය කාලගුණය නිරීක්ෂණය කිරීම සඳහා යැවූ උපකරණයක් බවයි.  උතුරු ඇමරිකානු අභ්‍යවකාශ ආරක්ෂක විධානය විසින්  රේඩාර් පද්ධති මත වස්තුවක් හඳුනාගෙන ප්‍රහාරක ගුවන් යානා භාවිතයෙන් වස්තුව තවදුරටත් විමර්ශනය කර හඳුනා ගත් බවට පෙන්ටගනය ට තොරතුරු ලබා දුන්නේය. එය කුමක්ද, එය කුමන රටකින් පැමිණියේද, එය අයිති කාටද, එහි අරමුණ කුමක්ද සහ එය කිසියම් ආකාරයක ආරක්ෂක තර්ජනයක් එල්ල කළේද යන්න ඔවුන් නොදනී. මෙම වස්තුව අඩි 40,000ක් පමණ උසින් පැවතීම සහ සිවිල් ගුවන් යානාවල ආරක්ෂාවට තර්ජනයක් වූ නිසාත්,  පොළව මත කිසිදු හානියක් සිදුවීමේ අවදානමකින් තොරව එය බිම හෙළීමට හැකියාව තිබුණු නිසා, එක්සත් ජනපද බලධාරීන් එය

ඉන්දුනීසියාවට මැග්නිටුඩ් ඒකක 5.4 ක භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ පැපුවා හි උතුරු වෙරළ තීරයට බලපෑ මැග්නිටුඩ් ඒකක 5.4 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර,   ගොඩනැගිලි රාශියකට හානි සිදුවී ගොඩනැගිලි පෙරළීමෙන් කඩා වැටීමෙන් ඒ තුල මිනිසුන් තුළ සිරවී ඇති බව බලධාරීහු පවසති. භූමිකම්පාව බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 1.28 ට (GMT 06:28) ජයපුර නගරයට නිරිත දෙසින් කිලෝමීටර 10 ක් දුරින් ඇති වූ බව ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යාව සහ භූ විද්‍යා භෞතික ඒජන්සිය (BMKG) පවසයි. භූමිකම්පාව සිදු වූ විට මිනිසුන් ආරක්ෂාව සඳහා නිවාස හා සාප්පු වලින් දිව ගියහ. සමාජ මාධ්‍යවල ඡායාරූප මගින් ප්‍රදේශයේ හානියට පත් ගොඩනැගිලි ගිලා බැස ඇති අයුරු පෙනෙන්නට තිබුණි.පසු කම්පන ඇතිවිය   හැකි බවට කාලගුණ විද්‍යා සහ භූ විද්‍යා භෞතික ඒජන්සිය අනතුරු අඟවා ඇත.