Skip to main content

Posts

පකිස්තානයේ උද්‍යානයකදී තරුණියක් සමූහ දූෂණයට ලක් වේ.

පකිස්තානයේ උද්‍යානයකදී තරුණියක් සමූහ දූෂණයට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සිදුකරන උද්ඝෝෂණ හා විරෝධතා ප්‍රකෝපකාරී ස්වභාවයක් ගෙන තිබේ, රට තුළ “වැඩිවෙන ලිංගික ම්ලේච්ඡත්වය” ලෙස ඔවුන්  විරෝධතා සංවිධානය කර තිබේ. ෆාතිමා ජින්නා උද්‍යානය ඉස්ලාමාබාද් නගරයේ විශාලතම උද්‍යානය ලෙස හැඳින්වේ 24 හැවිරිදි මෙම කාන්තාව ඉස්ලාමාබාද් අගනුවර ෆාතිමා ජින්නා උද්‍යානයේ තම පෙම්වතා සමඟ සිට ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ට ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහර දුන් බව කියනු ලබන බව ඇය විසින් ගොනු කරන ලද ප්‍රකාශයක සඳහන් වේ. පිරිමින් විසින් මෙම තරුණ යුවල උද්‍යානයේ "වනාන්තර ප්‍රදේශයකට" බලහත්කාරයෙන් ගෙන ගොස් එහිදී ඇයගේ ඇඳුම් ගලවා තමාව දූෂණය කළ බවට කාන්තාව ප්‍රකාශයේ සඳහන් වේ. මෙම පුද්ගලයින් කාන්තාවන් රාත්‍රියේ උද්‍යානයේ නොසිටිය යුතු බවත් තම පෙම්වතා සමඟ ඇති සම්බන්ධය ගැන විමසූ බවත් ඇය පැවසුවාය. “ඇය පිළිතුරු දුන් විට ඇයට කම්මුල් පහරක් එල්ල කළ බවත්. ඇයගේ කොණ්ඩේ ඇද ඇයව බිමදමා දූෂණය කළ බවත්. එම කාන්තාව සිය පොලිස් ප්‍රකාශයේ සඳහන් කර ඇත. මෙම සිදුවීම රට තුළ සිටින මිලියන 230 ක
Recent posts

දකුණු අප්‍රිකාවේත් පැය 12ක විදුලි කප්පාදුවක්

  දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා විසින් රටේ පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය අප්‍රිකාවේ වඩාත්ම සංවර්ධිත ආර්ථිකය හිමි රට වන දකුණු අප්‍රිකාවේ යහපැවැත්මට තර්ජනයක්   ලෙස ඔහු හඳුන්වයි. බ්‍රහස්පතින්දා ජාතිය ඇමතීමේදී 2023 වසර සඳහා රජයේ ප්‍රධාන අරමුණු සකස් කරමින් රමෆෝසා පැවසුවේ විදුලි අර්බුදය “දකුණු අප්‍රිකාවේ ආර්ථිකයට සහ සමාජ ට පැවැත්මට තර්ජනයක්” බවත් “එරට වඩාත්ම ක්ෂනික ප්‍රමුඛතාවය බලශක්ති සුරක්ෂිතභාවය යථා තත්ත්වයට පත් කිරීම බවත් ය. .” දකුණු අප්‍රිකාව වසර ගණනාවක් විදුලිය විසන්ධි කිරීමට ලක්ව ඇති නමුත්, 2022 වසර පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවිය, පැරණි අබලන් ගල් අඟුරු බලාගාර බිඳ වැටීම සහ  විදුලි ජනක යන්ත්‍ර සඳහා ඩීසල් මිලදී ගැනීමට හදිසි මුදල් සොයා ගැනීමට රජය සතු විදුලිබල උපයෝගිතා කොමිසම මහත් පරිශ්‍රමයක් දැරීය. . දකුණු අප්‍රිකාවේ විදුලිය විසන්ධි කිරීම දිනකට පැය 12ක් තරම් දිගු කාලයක් පවතී. පසුගිය මාසයේ, දකුණු අප්‍රිකානු අවමංගල්‍ය වෘත්තිකයන්ගේ සංගමය නිරන්තර විදුලිය විසන්ධි වීම නිසා මළ සිරුරු නරක් වන බවට අනතුරු ඇඟවීමෙන් පසු දින හතරක් ඇතුළත මළවුන

ඉන්දුනීසියාවට මැග්නිටුඩ් ඒකක 5.4 ක භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ පැපුවා හි උතුරු වෙරළ තීරයට බලපෑ මැග්නිටුඩ් ඒකක 5.4 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර,   ගොඩනැගිලි රාශියකට හානි සිදුවී ගොඩනැගිලි පෙරළීමෙන් කඩා වැටීමෙන් ඒ තුල මිනිසුන් තුළ සිරවී ඇති බව බලධාරීහු පවසති. භූමිකම්පාව බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය වේලාවෙන් පස්වරු 1.28 ට (GMT 06:28) ජයපුර නගරයට නිරිත දෙසින් කිලෝමීටර 10 ක් දුරින් ඇති වූ බව ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යාව සහ භූ විද්‍යා භෞතික ඒජන්සිය (BMKG) පවසයි. භූමිකම්පාව සිදු වූ විට මිනිසුන් ආරක්ෂාව සඳහා නිවාස හා සාප්පු වලින් දිව ගියහ. සමාජ මාධ්‍යවල ඡායාරූප මගින් ප්‍රදේශයේ හානියට පත් ගොඩනැගිලි ගිලා බැස ඇති අයුරු පෙනෙන්නට තිබුණි.පසු කම්පන ඇතිවිය   හැකි බවට කාලගුණ විද්‍යා සහ භූ විද්‍යා භෞතික ඒජන්සිය අනතුරු අඟවා ඇත.

ඇන්කෝර් වොට් පන්සල් සංකීර්ණය අසල අනවසර පදිංචිකරුවන් නෙරපා හැරීමට කාම්බෝජියානු රජය සැලසුම් කරයි.

  කාම්බෝජියානු සුප්‍රසිද්ධ ඇන්කෝර් වොට් උරුමය සංරක්‍ෂණය කිරීමට පන්සල් සංකීර්ණය අසල පදිංචිවී සිටින අනවසර පදිංචිකරුවන් නෙරපා හැරීමට කාම්බෝජියානු රජය සැලසුම් කරයි. පන්සල් සංකීර්ණයේ පිහිටි ජනාවාස ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති හෙයින් දහස් ගණනක් ජනයා විශාල අපහසු තාවයන්ට මුහුණ දෙමින් සිටී. අවිධිමත් ජනාවාස කසළ නිෂ්පාදනය කරමින් හා ජල මූලාශ්‍ර අධික ලෙස භාවිත කරමින් ප්‍රාදේශීය පරිසරයට හානි කරන අනවසර පදිංචිකරුවන් ගෙන ගොස් නටබුන් ආරක්ෂා කිරීමට බලධාරීන් ක්‍රියා කරන බව පවසා ඇත.            ඔවුන්ගේ නිවස කඩා දැමූ පසු, පදිංචිකරුවන් කිලෝමීටර් 25ක් (සැතපුම් 15ක්) පමණ දුරින්, දැනට ඉදිකිරීම් භූමියක්ව පවතින පැරණි වී වගා කරන ලද ප්‍රදේශයක් වන රන්ටා එක් (Run Ta Ek) හි පදිංචි කරනු ඇත. මෙසේ නැවත පදිංචිකරන පවුල්වලට මීටර් 20 ත් 30 ත් අතර ඉඩමක්, ඩොලර් 350 ක මුදලක්, ටකරන් සෙවිලි ද්‍රව්‍ය සහ සුබසාධන කාඩ්පතක් සඳහා ප්‍රවේශය ලබා දෙන නමුත් ඔවුන් ඔවුන්ගේම නිවාස ඉදිකර ගත යුතුය. වසංගතයට පෙර, ඇන්කෝර් වොට් හි නටබුන් වූ විහාරස්ථාන නැරඹීම සඳහා සෑම වසරකම මිලියන දෙකකට අධික විදේශීය සංචාරකයින් පිරිසක් පැමිණියහ. සංචාරක වෙළඳාම වෙළඳ කු

යුක්රේන ප්‍රහාර සඳහා එක්සත් ජනපදය තාක්ෂණික මෙහයවීම් ලබාදෙන බවට චෝදනා

  වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව,  යුක්‍රේන හමුදාව එක්සත් ජනපදයේ නිෂ්පාදිත කාලතුවක්කු  පද්ධති වලින් සිදුකරන  සෑම රොකට් ප්‍රහාරයකටම පාහේ  පෙන්ටගනයෙන් නිශ්චිත ඛණ්ඩාංක ඉල්ලා සිටින අතර,  ඒම ඉලක්ක  ලබාගැනීමෙන් පසු  එම ප්‍රහාර එල්ල කරන  බව වාර්තා වෙයි. යුක්රේන නිලධාරීන් තිදෙනෙකු සහ එක් ජ්‍යෙෂ්ඨ එක්සත්  ජනපද  යුධ හමුදා නිලධාරියෙකු ඇමරිකාවේ මැදිහත්වීම  පිලිබඳව නිර්නාමිකව වොෂින්ටන් පෝස්ට්  පුවත්පතට  ප්‍රකාශයක් සිදුකර ඇත. එක් යුක්‍රේන නිලධාරියකු සඳහන්  කර ඇත්තේ , එම සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම ඇමෙරිකානු  සෘජු මැදිහත් වීමක්  ඇති බවත්, යුක්රේන හමුදා  වෙත දිගු දුර රොකට් ලබාදීමට අදහසක්  ඇති බවත් ය. ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද  යුධ හමුදා නිලධාරියා පවසා සිටියේ   යුක්රේන හමුදා විසින් ඉලක්ක තෝරා ගත් බවත්, GPS  කංඩාංඛ මෙහෙයවීම් සහිත යුධෝපකරණවලින් උපරිම ප්‍රයෝජන  ගැනීම සඳහා ඇමරිකානු පාර්ශවය හුදෙක්  බුද්ධි තොරතුරු ලබා දුන් බවත් ය. නමුත් යුක්රේන නිලධාරීන්   පැවසුවේ එක්සත් ජනපදය ඉල්ලා සිටින පරිදි  ඛණ්ඩාංක සැපයීමට අපොහොසත් වූ විට, යුක්රේන හමුදා  ප්‍රහාර එල්ල නොකරන බවයි. රුසියාවට එරෙහිව යුක්රේන හමුදාවට එක්

එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා වලින් ප්‍රහාරයක්

එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා ඇලස්කාවට ඉහළින් පියාසරකල හඳුනා නොගත් වස්තුවක් පහරදී බිම හෙළා තිබේ. පෙන්ටගනය පවසන්නේ එය හඳුනාගැනීමෙන් පසුව ප්‍රහාර එල්ල කිරීමට  ජනාධිපති ජෝ බයිඩන් නියෝගය ලබා දුන් බවයි. එම වස්තුව කුමක්ද යන්න අපැහැදිලි නමුත් නිලධාරීන් පවසන්නේ එය කුඩා මෝටර් රථයක් පමණ විශාල වූ බවයි. පසුගිය සතියේ එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් වූ චීන බැලූනයක් පහරදී බිම හෙළා දැමුණු අතර චීන රජය පැවසූවේ  එය කාලගුණය නිරීක්ෂණය කිරීම සඳහා යැවූ උපකරණයක් බවයි.  උතුරු ඇමරිකානු අභ්‍යවකාශ ආරක්ෂක විධානය විසින්  රේඩාර් පද්ධති මත වස්තුවක් හඳුනාගෙන ප්‍රහාරක ගුවන් යානා භාවිතයෙන් වස්තුව තවදුරටත් විමර්ශනය කර හඳුනා ගත් බවට පෙන්ටගනය ට තොරතුරු ලබා දුන්නේය. එය කුමක්ද, එය කුමන රටකින් පැමිණියේද, එය අයිති කාටද, එහි අරමුණ කුමක්ද සහ එය කිසියම් ආකාරයක ආරක්ෂක තර්ජනයක් එල්ල කළේද යන්න ඔවුන් නොදනී. මෙම වස්තුව අඩි 40,000ක් පමණ උසින් පැවතීම සහ සිවිල් ගුවන් යානාවල ආරක්ෂාවට තර්ජනයක් වූ නිසාත්,  පොළව මත කිසිදු හානියක් සිදුවීමේ අවදානමකින් තොරව එය බිම හෙළීමට හැකියාව තිබුණු නිසා, එක්සත් ජනපද බලධාරීන් එය

තුර්කි සිරියා භූකම්පනයෙන් වාර්ථාවූ මරණ සංඛ්‍යාව 21000 ඉක්මවයි

                       තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 21,000 ඉක්මවා ඇති අතර. ආධාර සැපයීමට බාධා නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙරටේම රජයන්ගෙන් ඉල්ලා සිටී. තව දුරටත් තුර්කියට සහ සිරියාවට එක්සත් ජාතීන්ගේ ආධාර පැමිණෙමින් තිබේ. භූමිකම්පාවෙන් පැය 100කට වැඩි කාලයක් ගතවී ඇතත් ගලවාගැනීමේ කණ්ඩායම් තවමත් දිවි ගලවා ගත් අය සෙවීමේ නිරතව සිටිති. විනාශ වූ ප්‍රදේශ  වල සුන්බුන් අතර, බ්‍රිතාන්‍ය සහ ජර්මනියෙන් පැමිණි කණ්ඩායම් ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව දිවි ගලවා ගත් අය සෙවීම සඳහා  උත්සහ කරමින් සිටිති. ශීත කාලගුණය නොතකා බොහෝ පිරිසක් බේරා ගැනීමට ඔවුන් සමත් වී තිබේ. මළ සිරුරු සොයා ගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව ඉහළ ගිය අතර තවත් මළ සිරුරු කොපමණ සොයා ගත හැකි දැයි පැවසිය නොහැකිබව ඔවුන් ප්‍රකාශ කරයි. සුන්බුන් අතර සිටින බවට විශ්වාස කරන පුද්ගලයන් ගලවාගැනීමේ කටයුතු රාත්‍රියේ අඛණ්ඩව සිදුවන නමුත් තවත් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ අවස්ථාව වඩ වඩාත් හීන වෙමින් පවතී.     සිවිල් යුද්ධය  වසර 12ක සිවිල් යුද්ධය හේතුවෙන් සිරියාවේ තත්ත්වය වඩාත් සංකීර්ණ වී තිබේ. උතුරු සිරියාවේ භූමිකම්පා කලාපය  සි